මම දැන් ඉන්නේ කැම්පස් ඇවිත් අවුරුදු හතරක් ගතවන මොහොතේ, අවුට් වෙන්න ඔන්න මෙන්න කියල ඉන්න එක්තරා සංක්රාන්ති සමයක.මම අවුට් වෙලා එළියට එනකල් සෑහෙන පිරිසක් එළියේ බලන් ඉන්නවා.මොකද තව සුළු කාලයකින් මම අතට ලබා ගන්නා දේශීය උපාධියට ඇලඩින්ගේ පුදුම පහන වගේ බලයක් තියෙන බවට පරාරෝපනය කරලා තියෙන සමාජයක් එළියේ තියෙනවා.ඒකට මිනිස්සුම කියනවා මහා සමාජේ කියල.හැබැයි මම නම් කියන්නේ ඒකට පොදු ජන සමාජයක් කියලා.ලංකාවේ තියෙන්නේ බොහොම පොදු ජන සමාජයක්.ඒකෙන් කාරී නෑ.මම නැවත මාතෘකාවට එන්නම්.
උපාධිය කියන්නේ රස්සාවක් කරන්න තවත් එක් සුදුසු කමක්ද? ඔව් ඒකේ සත්යනක් තියෙනවා.හැබැයි ඒක එහෙම්ම නෙමේ.මොකද මම හිතන විදියට උපාධිය කියන්නේ රස්සාවක් කරන්න මිනිස්සු හදන වැඩක් නෙමේ.ඒකට තමා වෙනත් ශිල්පීය පාඨමාලා,ආධුනිකත්ව පුහුණු වැඩසටහන් තියෙන්නේ.ඒවා නිම කරන සිසුන්ට ඉවත්වෙද්දීම රස්සාවල් තිබිය යුතුයි.මොකද ඒ අය රස්සාවක් ඉලක්ක කරගෙන ශිල්පයක් පුහුණු කරන නිසා.නමුත් උපාධිය රස්සාවක්,ශිල්පයක් පුහුණු කරනවට වඩා බෙහෙවින් වෙනස් ක්රියාවලියක්.ඒක දැනුම හා බුද්ධිය පුහුණු කරන ක්රිවයාවලියක් කිව්වොත් වඩා සරල හා වඩා නිවැරදියි කියලා මම හිතනවා.
මිනිස්සු කැම්පස් එන්න ඕනේ,ඉගෙන ගන්න ඕන.හැබැයි රස්සාවක් කරන්න පුහුණු වෙනවා කියලා හිතගෙන නම් නෙමේ.බුද්ධිය පුළුල් කරන්න ඉගෙන ගන්නවා කියන එක අවබෝධ කොට ගෙන.
හැබැයි කැම්පස් අවුට් උනාම ප්රඉශ්නයක් තියෙනවා.මේ උපාධියට සමාජය විසින් මූර්ත වටිනාකමක් එකතුකරලා තියෙනවා.ඒ නිසා සමාජය හිතනවා උපාධිය ගත්ත සැනින් ඔහු හෝ ඇය රස්සාවක් කළ යුතු බව. රස්සවක් කළ යුතු බව සත්යත ය.නමුත් උපාධිය ලබාගත් සැනින් රස්සාවක් කරන එකා ජයග්රාහකයා, එහෙම නොවන එකා පරාජිතයා වන තරගයක් නෙමේ මෙතන ඇත්තේ.මෙය මේ රටේ ප්රරශ්නයක්.මොකද රස්සාවල් හම්බෙන්නේ, ඒවායේ වැඩ කරන්නේ බුද්ධිය මෙහෙයවලා වැඩ කරන පිරිසට වඩා අත පය මෙහෙයවල වැඩ කරන අය බව අපිට පේනවා.එය කම්කරුවාගේ සිට ලොකු පුටු දක්වා අලුත් දෙයක් නෙමේ.
කැම්පස් අවුට් උනාම ලබාගත් උපාධියට රැකියාවක් නෑ කියන එක උදේට ඉර පායනව වගේ ස්වාභවික කාරණයක් වෙලා.අඩුම තරමේ ඒක ගොඩනගපු පරාරෝපිත කාරණයක් බව කාටවත් දැනෙන එක බව පවා නැතිවෙලා.හිතන කොට පුදුමයි.ඒකට හේතුව මම හිතන්නේ මූලිකවම අපේ රටේ බුද්ධිමය සමාජයකට වඩා බොහොම පොදු ජන මත දරන සමාජයක් පැවතීමයි.කව්රු කොහොම මේ සමාජය වර්නනා කළත් මට නම් පේන හැම ශේෂයක්ම ඔය කියන පොදු ජන ස්වභාවය උරුම කොට ගෙන පවතින්නක්.
ඉතින් උපාධිය කියන්නේ මේ රටේ දහසකුත් කාරනා අතෙරින් එකක්. ඒක විග්රහ කරලා හිතන කොට එය මහා සමාජයක් කරා දුව ඇති සංකීර්ණ මූලයක් සහිත එකක් බව අවිවාදිතයි.උපාධිය හදන්න ඕන, විෂය නිර්දේශ අලුත් කරන්න ඕන බව උසස් අධ්යාතපන ඇමතිතුමා නිතර කියන දෙයක්.ඔව් ඒක හොද දෙයක්.හැබැයි එත් එක්කම මේ රටේ පොදු ජන සමාජය වෙනුවට බුද්ධිමය සමාජයක් ගොඩනගන්න එක පැන් පොදක් හෝ වෙටෙනවානම් තවත් හොදයි.නමුත් වෙන්නේ පොදු ජනයා පොදු ජනයාම බවට පත් කරන එක.මේක තරාදියේ දෙපැත්ත වගේ. දෙපැත්තම සමබර නොවුනොත් ප්රශ්නයක්.
ඉතින් මේ එක්තරා මොහතක ආටාගේ නාඩි වැඩ කරපු හැටි.තව මොහොතකින් නාඩි වෙන විදියකට වැඩ කරන්න පුළුවන්, නවතින්නත් පුළුවන්.ඒ දැනෙන දේවල් ඒ විදියටම මාධ්යැයකට එකතුකරන්න ගත්තු පුංචිම පුංචි උත්සාහයක් මේක.හැමොගේම නාඩි එක විදියට වැඩ කරන්නේ නෑ .ඒ ඒ නාඩි වැඩ කරන විදියට මම කියන දේවල ඇත්ත වෙන්නත් පුළුවන්,බොරු වෙන්නත් පුළුවන්, විකාර වෙන්නත් පුළුවන්.ඒ හැම නාඩියකටම මෙහි අතුලුවෙන්න, තමන්ගේ නාඩි එළියට දාන්න අවසර...
ලිවීමට ඔබ තුළ ඇති හැකියාව විශිෂ්ටයි ආටා... ජය!
ReplyDeleteThis comment has been removed by the author.
Deleteසතුටුයි මල්ලි ... දිගටම ලියන්න ... මගෙන් සුබපැතුම් !!!
ReplyDeleteThank you Akkee
Delete👍
ReplyDelete